29.5 C
Colombo
Thursday, August 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical"දින්නා නම් මං තමයි ලංකාවේ අවසන් විධායක ජනාධිපතිවරයා"

“දින්නා නම් මං තමයි ලංකාවේ අවසන් විධායක ජනාධිපතිවරයා”

තමන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළා නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ඩලස් අලහප්පෙරුම පැවසීය.

හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (28) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මෙසේද කීය.

“මම ජනාධිපතිවරණයෙන් දිනුවා නම් මම තමයි ලංකාවේ අවසන් විධායක ජනාධිපතිවරයා. මොකද විධායක බලතල තියෙන ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මම කටයුතු කරන්න තිබුණා. රටේ වත්මන් තත්ත්වය තුළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් අවශ්‍යයි. නමුත් සර්වජන ඡන්ද බලය සහිත ආණ්ඩුවක් ඉදිරියට ගෙන යනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙන් තොරව ජනතාව මුහුණ දෙන කිසිදු ප්‍රශ්නයක් විසඳන්න බැහැ.”