27.8 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews"පාර්ලිමේන්තුව වටන්න ජනතාවට එන්න කිව්වේ ජවිපෙන්" - පැතුම් කර්නර්

“පාර්ලිමේන්තුව වටන්න ජනතාවට එන්න කිව්වේ ජවිපෙන්” – පැතුම් කර්නර්

පසුගිය 13 වැනිදා පාර්ලිමේන්තුව අසළ විරෝධතාව ආරම්භ කළේ ජනතාව නොව ජනතා විමුක්ති පෙරමුණ බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් පවසා තිබේ.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අපරාධ කොට්ඨාශයට ප්‍රකාශයක් ලබාදීමට ගිය අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද කීය.

ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති සහ ලාල්කාන්ත පාර්ලිමේන්තුව වටලන ලෙස එම ස්ථානයට ආරාධනා කර තිබුණා. මම එතනට ගියේ ඒ තැනට ආපු අයට උදව් කරන්න.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය ඔහු කැඳවා තිබූ නමුත් හදිසියේ අසනීප වූ නිසා පැමිණීම දින කිහිපයක් ප්‍රමාද වූ බව ඔහු වැඩිදුටත් පැවසීය.