― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපසුගිය රජයේ තීරණයකින් මිලියන ගණනක පාඩුවක්

පසුගිය රජයේ තීරණයකින් මිලියන ගණනක පාඩුවක්

කොළඹ නගරයේ ප්‍රධාන මාර්ගවල පවතින අධික රථවාහන තදබදයට දිගුකාලීන විසදුමක් ලෙස ආරම්භ කරනු ලැබු කුළුණු මත ඉහළින් දිවෙන සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති ජාලයක් ස්ථාපිත කිරිමේ ව්‍යාපෘතිය නවතා දැමීම නිසා ඒ සඳහා වැය කළ රුපියල් මිලියන 5545.63ක මුදලක් අපතේ ගොස් ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවකින් හෙළිදරව්ව වී තිබේ.

ජපන් ආධාර උපයෝගී කරගෙන 2017 වර්ෂයේ මැයි මස 01 වැනිදා මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර 2020 වර්ෂය වන විට මෙකී ව්‍යාපෘතිය වෙනුවෙන් ජයිකා අරමුදල්වලින් රුපියල් මිලියන 4622.45ක් හා භාණ්ඩාගාර ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 923.18ක මුදලක් වැයකොට තිබු බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මෙකී ව්‍යාපෘතිය මිල අධික හා පිරිවැය ඵලදායී නොවන බැවින් ව්‍යාපෘති කාර්යාලය වසා දමා ව්‍යාපෘතියේ සියලු වත්කම් හා බැරකම් නාගරික සංවර්ධන නිවාස අමාත්‍යංශයට හෝ ප්‍රවාහන අමාත්‍යංශයට පැවරීමට 2020 වර්ෂයේ ඔක්තෝබර් මස 06 වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කොට තිබුණි.

මේ හේතුවෙන් ව්‍යාපෘතිය සඳහා කළ වියදම් නිෂ්ඵල වියදමක් බවට පත්වු තිබූ බව විගණන වාර්තාවේ සඳහන්ය. නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය සම්බන්ධයෙන් 2020 වර්ෂයට අදාළව මෙම විගණන වාර්තාව නිකුත් කොට තිබේ.