30.6 C
Colombo
Saturday, August 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් ළමුන් ප්‍රවාහනයට නව බස් රථ සේවාවක්

පාසල් ළමුන් ප්‍රවාහනයට නව බස් රථ සේවාවක්

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා හඳුන්වාදෙන නව බස් රථ සේවාව අගෝස්තු 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (29) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව මේ සඳහා බස් රථ 40ක් පමණ අගෝස්තු 01 වැනිදා සිට බස්නාහිර පළාත තුළ යෙදවීමට නියමිත බව ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට 1955 ක්ෂණික දුරකථන අංකය ඇමතීමෙන් හැකියාව පවතින බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.