29.5 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබූස්ටර් එන්නත ගැන විශේෂ අනාවරණයක්

බූස්ටර් එන්නත ගැන විශේෂ අනාවරණයක්

මෙරට අවුරුදු 20ට වැඩි පුද්ගලයින් ලක්ෂ 60කට අධික පිරිසක් බුස්ටර් එන්නත ලබා ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එහි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සඳහන් කළේ කොරෝනා ආසාදිතයින් වාර්තාවීම යළිත් ඉහළ යාම හමුවේ මෙය දැඩි අවදානම් තත්ත්වයක් බවයි.

එබැවින් කඩිනමින් කොරෝනා මර්දන එන්නත්කරණයට යොමුවිය යුතු බව වෛද්‍ය සමිත ගිනිගේ මහ ජනතාවට දන්වයි.

බූස්ටර් මාත්‍රාව සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් රජයේ ගබඩාවල පවතින බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් හා රෝහල්වල කොරෝනා මර්දන එන්නත් ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බවත් හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකක් පමණක් ලබා ගත් පුද්ගලයින්ගේ වෛරසය සඳහා පවතින ප්‍රතිශක්තිය මේ වනවිට හීන වෙමින් පවතින බව වෛද්‍යවරයා සඳහන් කළේය.

මේ අතර ඊයේ (28) මෙරටින් කොරෝනා ආසාදිතයින් 131 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 665,379 කි.