32.8 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිශේෂඥ වෛද්‍යවරුන්ගේ විදෙස් පුහුණුවීම් අත්හිටුවයි!

විශේෂඥ වෛද්‍යවරුන්ගේ විදෙස් පුහුණුවීම් අත්හිටුවයි!

විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා වෛද්‍ය නිලධාරීන් විදෙස් රටවලට යැවීම තාවකාලිකව නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රටේ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ඔවුන්ට ගෙවීමට විදේශ මුදල් නොමැති වීම නිසා මෙම තීරණයට එළඹුණු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත.

මෙයින් ඉදිරියේදී සෞඛ්‍ය සේවය බරපතළ අර්බුදයක් කරා යොමුවිය හැකි බව සෞඛ්‍ය සේවයේ ආරංචිමාර්ග සඳහන් කළේය.