26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅදත් පැය තුනක විදුලි කප්පාදුවක්

අදත් පැය තුනක විදුලි කප්පාදුවක්

මේ වනවිට ක්‍රියාත්මක පැය 03 විදුලි කප්පාදුව අද (01) සහ හෙට (02) යන දෙදින තුළදීද ක්‍රියාත්මක කිරීමට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01යි මිනිත්තු 40ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

දහවල් 1.00 සිට රාත්‍රී 10.30 දක්වා කාලය තුළ එම විදුලි කප්පාදුව සිදුකෙරෙන බවයි විදුලි බල මණ්ඩලය දැනුම් දෙනු ලබයි.

එමෙන්ම M,N,O,X,Y,Z කලාප සඳහා උදෑසන 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන අතර CC කලාප සඳහා උදෑසන 6.00 සිට පෙරවරු 8.30 දක්වා පැය 02 මිනිත්තු 30ක විදුලි කප්පාදුවක් අද (01) දිනයේදී සිදු කෙරෙනු ඇති.