26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉදිරියේදී උප්පැන්න සහතිකය සමඟ ජාතික හැඳුනුම්පත් අංකයත්

ඉදිරියේදී උප්පැන්න සහතිකය සමඟ ජාතික හැඳුනුම්පත් අංකයත්

මෙරටදී උපදින දරුවන්ට උපතේදී නිකුත් කරන උප්පැන්න සහතිකයට, ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමට තීරණය කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම තීරණය අද (01) සිට ආරම්භ කිරීමට නියමිතය. ආරම්භක අවස්ථාවේ නියමු වැඩසටහනක් ලෙස ගම්පහ, දෙහිවල, හඟුරන්කෙත, කුරුණෑගල, රත්නපුර, හා තමන්කඩුව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

උප්පැන්න සහතික ලබා ගත් සියලු පුරවැසියන්ට වයස අවුරුදු 15 එළඹීමෙන් පසු ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් කරන ඉල්ලීමකදී අදාළ අංකය අනුව ජාතික හැඳුනුම්පත ලබා ගත හැකි බව සඳහන් වෙයි.