31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනවසීලන්ත දේශසීමා සම්පූර්ණයෙන් විවෘත කෙරේ

නවසීලන්ත දේශසීමා සම්පූර්ණයෙන් විවෘත කෙරේ

කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් 2020 මාර්තු මාසයෙන් පසුව පළමුවරට සම්පූර්ණයෙන්ම දේශසීමා විවෘත කිරීමට නවසීලන්තය පියවර ගෙන තිබේ.

ඒ අනුව සංචාරක හා ශිෂ්‍ය වීසා බලපත්‍ර යළි පිළිගැනීමට එරට ආගමන බලධාරීන් ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නවසීලන්ත අගමැතිනිය – ජසින්ඩා ආර්ඩර්න් පවසා ඇත්තේ මෙය “ප්‍රවේශම්කාරී ක්‍රියාවලියක විශේෂ මොහාතක්” බවයි.

නවසීලන්තයට යන බොහෝ අමුත්තන් සම්පූර්ණයෙන් එන්නත් කර සිටීම අත්‍යවශ්‍ය කරුණක් වුවත් විශේෂ නිරෝධායන අවශ්‍යතා නොමැත. එරට මුහුදු සීමාද මේ වන විට විට විවෘත කර ඇති අතර ඒ අනුව කෲස් නෞකා සහ විදේශීය යොට් යාත්‍රාවලට නැංගුරම් ලෑමට අවසර ලැබේ.