31.1 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජොන්ස්ටන්ට, රෝහිතට යළි ඇමති පට්ටම්?

ජොන්ස්ටන්ට, රෝහිතට යළි ඇමති පට්ටම්?

ඉදිරියේදී සිදු කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී පොහොට්ටුව නියෝජනය කරන තවත් ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුට පමණ කැබිනට් අමාත්‍ය ධූර හිමිවනු ඇති බව රජයේ ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, එස්.බී. දිසානායක, සී.බී. රත්නායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ රෝහිත අබේගුණවර්ධන යන හිටපු අමාත්‍යවරුන් අතරින් සිව්දෙනෙකුට අමාත්‍ය ධූර හිමිවීමට නියමිත බව වාර්තා වෙයි.

එමෙන්ම එජාපය නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා වන වජිර අබේවර්ධනට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය පදවිය හිමිවනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.