33.4 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් පළමු මන්කිපොක්ස් මරණය වාර්තා වෙයි

ඉන්දියාවෙන් පළමු මන්කිපොක්ස් මරණය වාර්තා වෙයි

ඉන්දියාවෙන් පළමු මන්කිපොක්ස් ආසාදිත මරණය වාර්තා වී තිබේ.

22 හැවිරිදි වියෙහි පසු වූ කේරළ ප්‍රාන්තයේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ පදිංචිව සිටි අයෙක් එලෙස මියගොස් ඇත.

ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඉකුත් 22 වැනිදා ඉන්දියාවට පැමිණ ඇති අතර අනතුරුව උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 27 වැනිදා ඔහු රෝහල්ගතව තිබේ. එහිදී සිදුකළ පරීක්‍ෂණවලදී හෙළිව ඇත්තේ ඔහු මන්කිපොක්ස් ආසාදිතයෙකු බවයි.

කෙසේවෙතත් අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර පරීක්‍ෂාවලදී අනාවරණ වී ඇත්තේ ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටියදී ඉකුත් 19 වැනිදා සිදුකළ පරීක්‍ෂණයකදීද මන්කිපොක්ස් ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇති බවයි.

කෙසේවෙතත් අදාළ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක් සිදුකරන ලෙස කේරළයේ සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝග කර තිබේ.