26.1 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනීතිවිරෝධීව රට පනින්න හැදූ 47ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව රට පනින්න හැදූ 47ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රංශයට යෑමට උත්සාහ කළ පුද්ගලයින් 47 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අද (01) අලුයම සිදුකළ වැටලීමකදී වෙන්නප්පුව – කොලින්ජාඩිය ප්‍රදේශයේදී 39 දෙනෙකු එලෙස නාවික හමුදා භාරයට ගෙන ඇති අතර ඔවුන්ගෙන් ලද තොරතුරු මත තවත් 08 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පිරිමි පුද්ගලයින් 38 දෙනෙක්, කාන්තාවන් 06 දෙනෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු මෙලෙස අත් අඩංගුවට පත් පුද්ගලයන් අතර පසුවෙයි.

ඔවුන් මඩකලපුව, හලාවත, මාරවිල, ත්‍රිකුණමලය සහ වව්නියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබේ.