― political ―

සමහරු හැංගෙද්දි කඩාවැටුණු රට බාරගත්තේ රනිල් විතරයි

අරගල සමයේ බයෙන් හැංගුණු පාර්ශ්ව මේ වනවිට නොබියව වේදිකා මතට නැගී මැතිවරණ ඉල්ලා සිටින තැනට රටේ තත්ත්වය වෙනස් වී තිබෙන බව වෙ‍ළෙඳ සහ පරිසර...
HomeNewsබොරැල්ල දේවස්ථානයට බෝම්බය තිබ්බේ හිටපු රජයේ බලවත් අය

බොරැල්ල දේවස්ථානයට බෝම්බය තිබ්බේ හිටපු රජයේ බලවත් අය

මෙම වසරේ මුල් භාගයේ බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයෙන් හමු වූ බෝම්බය එහි තබන ලද්දේ එවක ආණ්ඩුවේ සිටි බලවතුන් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි.

මෝදර ශුද්ධ වූ මහා සන්තියාගෝ මුනිඳුන්ගේ දේවස්ථානයේ 150 වන ජුබිලිය වෙනුවෙන් ඊයේ (31) පැවති මංගල මහා දිව්‍ය පූජා යාගය සඳහා එක්වෙමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසීය.

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයෙහි ඉකුත් ජනවාරි 11 වැනිදා තිබූ බෝම්බයක් සම්බන්ධයෙන් එහි සන්ක්‍රිස්තියන්වරයා සහ තවත් දෙතුන් දෙනෙක් මාසයකට වැඩි කාලයක් හිර කර තබාගත්තත් බෝම්බය ගෙනාවේ ඔවුන් නොව ආරක්ෂක අංශවල අය බව කී කාදිනල් හිමිපාණන් කියා සිටියේ අද වනතුරුත් ඒ ගැන කිසිදු පරීක්ෂණයක් සිදුකර නොමැථි බවයි.

බලයට, ධනයට කෑදරව ප්‍රතිපත්ති පාවාදෙන මිනිස්සුන් නිසා රට අගාධයට පත්ව විනාශයට ගොදුරුවී ඇති බවත් ජනතාව දුක් විඳින්නේ සමහර වෙලාවට අපේම මෝඩකම් නිසා කියා සිතන්නට වී ඇති බවත් අගරදගුරුතුමෝ සඳහන් කළේය.

බලයට, ධනයට හැදෑරුව ප්‍රතිපත්ති පාවා දෙන මිනිස්සුන්ගෙන් පිරිච්ච නිසා මේ රට අද අගාධයකට පත්වෙලා තියෙනවා. අපි මේ රටට ධර්මද්වීපය කියලා කියනවා. ධර්මද්වීපයේ දෙන දේවල් පේනවද? ජනවාරි මාසෙ 11 වෙනිදා සියලු ශාන්තුවරයන්ගේ දෙව්මැදුරේ බෝම්බයක් කවුරු හරි ඇවිල්ලා තිබ්බා. ඒ වෙලාවේ පල්ලියේ සන්ක්‍රිස්තියන්වයි. දෙතුන් දෙනෙක්වයි අල්ලගෙන ගියා. මාසෙකට වඩා සිර කර තබා ගත්තා. ඒ බෝම්බය ගෙනාවේ ඒ මිනිස්සු නෙවෙයි. ඒක ගෙනාවේ ආරක්‍ෂක අංශ වල අය. අද වෙනතුරු ඒ ගැන පරීක්ෂණයක්වත් කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ. බෝම්බය සොයා ගත් මිනිස්සුන්ව මාසයක් විතර ඇතුළට දාලා සාක්ෂි නැහැ කියලා නිදහස් කළා. ඒ මිනිස්සුන්ට ගහලා ඒ මිනිස්සුන්ට කියලා බලෙන් අත්සන් ගත්තා. ඒවා ගැන කිසිදු යුක්තියක් ඉෂ්ට වුණේ නැහැ. ඒ බෝම්බේ තිබ්බේ එදා හිටපු රජයේ බලවත් අය. ඒ අය ගැන කිසිදු පරීක්ෂණයක් නැහැ. ඒ සිදුවීම කාපට් එක යට. රටේ නීතිය නැහැ. රටේ තියෙන්නේ අවනීතියක්.