28.9 C
Colombo
Saturday, August 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝල්ෆේස් අරගලයට කෑම බෙදූ තරු හෝටලයක් ගැන විමර්ශන

ගෝල්ෆේස් අරගලයට කෑම බෙදූ තරු හෝටලයක් ගැන විමර්ශන

ගෝල්ෆේස් අරගලය ආරම්භයේ සිටම අරගලකරුවන්ට කොළඹ තරු පංතියේ හෝටලයකින් දිනපතා ආහාර ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විසින් මූලික විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අදාළ හෝටලය මඟින් දිනකට ආහාර පාර්සල් 500 – 600 අතර ප්‍රමාණයක් මෙලෙස ලබා දී ඇති බව අනාවරණය වී ඇත.

පොලිසිය මඟින් අරගලකරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී මේ බව අනාවරණය කරගත් බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. ඒ අනුව අදාළ ආහාර පාර්සල් නොමිලේ ලබාදුන්නේද නැත්නම් කිසියම් සංවිධානයක් විසින් ඇනවුම් කර මේවා ලබා දුන්නේද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්ය.