මැතිවරණ කොමිෂන් සභාවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට කැඳවීමක් සිදු කර තිබේ.
ඒ අනුව ලබන සඳුදා පෙරවරු 10.00ට මෙම කැඳවීම සිදු කර ඇති බව එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේය.
පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මැතිවරණ නීති සංශෝධනය සඳහා ක්රියාත්මක වූ කාරක සභා වාර්තාවේ යෝජනා පිළිබඳව මෙහිදී පක්ෂ ලේකම්වරුන් සමග සාකච්ජා කිරිමට නියමිතව ඇතැයි සභාපතිවරයා සඳහන් කළේය.