23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews"ලේක් හවුස් ආයතනය විකුණන්නේ නැහැ"

“ලේක් හවුස් ආයතනය විකුණන්නේ නැහැ”

ලේක්හවුස් ආයතනය පිහිටි ගොඩනැගිල්ල විකුණා දැමීමක් හෝ හෝටල් සංකීර්ණයකට පැවරීමක් සිදුකරන බවට පුවතක් පසුගිය සති අන්තයේ පුවත්පත් වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අද (02) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අවධානයට ලක් වුණා.

එහිදී මාධ්‍යවේදියෙකු කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් විමසා සිටියේ එවැනි කටයුත්තක් සිදුකිරීම සම්බන්ධව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවක් සිදුවූවාද? එවැනි සූදානමක් පවතින්නේද යන්නයි.

එවැනි කටයුත්තක් සම්බන්ධව කිසිඳු සාකච්ඡාවක් කැබිනට් මණ්ඩලය තුළ සකච්ඡා නොවූ බවත් එවැනි තීරණයක් ගැනීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත් ඊට පිළිතුරු දෙමින් විෂයභාර අමාත්‍යවරයා වශයෙන් බන්දුල ගුණවර්ධන සඳහන් කළේය.