― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවාහන ආනයනයට අවසර ලැබෙයි

වාහන ආනයනයට අවසර ලැබෙයි

නීත්‍යානුකූලව රට තුළට ඩොලර් එවනු ලබන විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් තීරු බදු සහන යටතේ වාහන ආනයන කිරීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අද (02) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වූ විදෙස් රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සඳහන් කළේ එලෙස ආනයනය කිරීමට අවසර හිමිව ඇත්තේ විදුලියෙන් ක්‍රියාකරන රථ පමණක් බවයි.

ඒ අනුව ඩොලර් 3000ට වඩා වැඩියෙන් ලංකාවට මුදල් ඒවා ඇති පුද්ගලයින්ට බදු සහන යටතේ විද්‍යුත් මෝටර් සයිකලයක් ගෙන්වීමට අවසර හිමිවනු ඇති. එමෙන්ම ඩොලර් 20000ට වඩා වැඩි මුදලක් ඒවා ඇත්නම් එම තැනැත්තාට ඩොලර් 65,000ක උපරිමයකට යටත්ව මෝටර් රථයක් ආනයනට අවසර ලබාදීමට සැලසුම්කර ඇත.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ත්‍රිරෝද රථ ආනයනයට මෙහිදී අවසර හිමි නොවන බවයි. ඊට අදාළ චක්‍රලේඛය ලබන සතිය තුළ නිකුත් කිරීමට නියමිතව තිබේ.