― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsDuty Free පහසුකම ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය

Duty Free පහසුකම ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය

විදේස්ගත ශ්‍රමිකයින් මෙරටට එවන විදේශ විනිමය ප්‍රමාණය දිරි ගැන්වීමේ අරමුණින් හඳුන්වාදීමට නියමිත නව යෝජනා සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ යටතේ විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකුල මාර්ග ඔස්සේ මෙරටට එවන විදේශ විනිමය පදනම් කර ගනිමින් ලබා දෙන තීරුබදු පහසුකම හෙවත් ඩියුටි ෆ්‍රී පහසුකම ඉහළ දැමීමට යෝජනා කර ඇති බවයි.

නීත්‍යානුකුල ක්‍රමවේද ඔස්සේ මෙරටට එවන විදේශ විනිමය ප්‍රමාණයෙන් සියයට 50කට සමාන විදුලි වාහනයක් ආනයනය කිරීමට බලපත්‍රයක් ලබා දීමටද මේ මගින් යෝජිතය.