― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalසාමකාමී අරගලකරුවන් ආරක්ෂා කරනවා - ජනපති රනිල්

සාමකාමී අරගලකරුවන් ආරක්ෂා කරනවා – ජනපති රනිල්

සාමකාමී අරගලය තමන් පිළි ගන්නා බවත් ත්‍රස්තවාදයට හා ප්‍රචණ්ඩත්වයට ඉඩ නොදෙන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (03) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

තමන් සෑම විටම සාමකාමී අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටින බවත් ඔවුන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් වෙනමම කාර්යාංශයක් පිහිටුවන බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

මේ සඳහා විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන බව පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ නීතිවිරෝධි හා ප්‍රචණ්ඩත්වයෙන් කටයුතු කළ අයට නීතිය අනුව කටයුතු කරන බවයි.

මෙම ක්‍රියාවලියට කිසිම දේශපාලන බලපෑමක් ඇති නොවීමට තමා වග බලා ගන්නා බවත් ජනපතිවරයා අවධාරණය කළේය.