25 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපැරා ක්‍රීඩක පාලිත බණ්ඩාරගෙන් ලංකාවට රිදී පදක්කමක්

පැරා ක්‍රීඩක පාලිත බණ්ඩාරගෙන් ලංකාවට රිදී පදක්කමක්

පොදු රාජ්‍ය මණ්ඩලීය පැරා ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් දිනා ගැනීමට පාලිත බණ්ඩාර සමත් විය.

ඒ අනුව ඔහු සහභාගී වූ කවපෙත්ත විසි කිරීමේ F42-44/61-64 පැරා තරඟ ඉසව්වෙන් මීටර් 44.20 ක දක්ෂතාවයක් දක්වමින් එම පදක්කම දිනා ගැනීමට ඔහු සමත් විය.

30 හැවිරිදි පාලිත බණ්ඩාර සිය පස්වැනි සහ අවසාන උත්සාහයේදී මීටර් 44.20ක් විසි කළේ ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව සනිටුහන් කරමිනි.

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායට අනුයුක්ත යුද හමුදා කෝප්‍රල්වරයකු වන බණ්ඩාර, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පැරා ක්‍රීඩා ඉසව්වෙන් පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසගත වේ.