25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ගිය තවත් ක්‍රීඩකයෙක් අතුරුදන්

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ගිය තවත් ක්‍රීඩකයෙක් අතුරුදන්

එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකු අතුරුදන් වී ඇතැයි වාර්තා වේ.

මීට පෙර ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ජූඩෝ ක්‍රීඩිකාවක සහ ඇයගේ පුහුණුකරු අතුරුදන් වී තිබුණු අතර ඒ අනුව මෙම පුද්ගලයා අතුරුදන් වූවන්ගෙන් තෙවැන්නා වෙයි. ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායමේ ක්‍රීඩකයෙකු මෙලෙස අතුරුදන් වී ඇත.

එම ක්‍රීඩකයා කොවිඩ් 19 පරීක්ෂණයට ඉදිරිපත් කර ඔහු වෛරසය සඳහා ධනාත්මක බව හඳුනා ගෙන තිබුණු බැවින් ඔහුව පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා වෛද්‍ය මධ්‍යස්ථානයට මාරු කර යවා තිබේ.

අනතුරුව ඔහු දෙවන කොවිඩ් 19 පරීක්ෂණයට පෙනී සිට ඇති අතර ඉන් ඔහුගේ සිරුරෙන් වෛරසය ඉවත්ව ඇති බව තහවුරු වී ඇත. පසුව ඔහු පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා වෛද්‍ය මධ්‍යස්ථානයෙන් නිදහස් කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය ඔහුව මධ්‍යස්ථානයෙන් රැගෙන යාමට පැමිණි අවස්ථාවේදී ක්‍රීඩකයා අතුරුදන්ව ඇති බව දැනගෙන තිබේ.

ඒ අනුව, ඔවුන් මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඇති අතර ක්‍රීඩකයින්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් එම ක්‍රීඩා උළෙලේ ආරක්ෂක දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත් වන බව වැඩිදුරටත් වාර්තා විය.