27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඑක්සත් ජනපද නියෝජිතායතනයේ කණ්ඩායමක් කංචන හමුවෙයි

එක්සත් ජනපද නියෝජිතායතනයේ කණ්ඩායමක් කංචන හමුවෙයි

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ කණ්ඩායමක් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හමු වී සාකච්ඡා කර තිබෙනවා.

අද (05) උදෑසන මෙම හමුව සිදු වූ බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් දන්වා තිබුණේ.

බලශක්ති අංශයේ අවශ්‍යතා, ප්‍රතිසංස්කරණ, පුනර්ජනනීය බලශක්තිය, විද්‍යුත් වාහන, තාක්ෂණික සහාය සහ සම්පත් කළමනාකරණය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

බලශක්ති අංශයේ අවශ්‍යතා සාක්ෂාත් කරගැනීම සඳහා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා මෙහිදී දන්වා ඇත්තේ.