26.7 C
Colombo
Sunday, June 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රිපෝෂ ලබාදීම යළි ඇරඹේ

ත්‍රිපෝෂ ලබාදීම යළි ඇරඹේ

ගර්භණී මව්වරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට ත්‍රිපෝෂ සහ පෝෂණ සංඝටක යළි අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.

ලෝක මව්කිරි දීමේ සතිය නිමිත්තෙන් ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවුල් සෞඛ්‍ය කාර්යාංශ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මේ බව සඳහන් කළාය.

වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ළදරුවන්ට මව්කිරි දීම පවුලකට ආර්ථික වශයෙන් විශාල සහනයක් වන බව ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියාය.

අගෝස්තු 01 වැනිදා සිට 07 වැනිදා දක්වා ලෝක මව්කිරි දීමේ සතිය ක්‍රියාත්මක වන අතර “මව්කිරි දීමට නැගී සිටිමු – දැනුවත් කරමු – සහාය වෙමු” යන්න මෙවර එහි තේමාවයි.