29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගල්කිස්ස උසාවියේ ආරක්ෂාවට සිටි කොස්තාපල්වරු දෙදෙනෙකුට වැඩ වරදියි

ගල්කිස්ස උසාවියේ ආරක්ෂාවට සිටි කොස්තාපල්වරු දෙදෙනෙකුට වැඩ වරදියි

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ විත්තිකරුවකු ඉලක්ක කර ඊයේ (04) වෙඩි ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ අධිකරණ සංකීර්ණ මුර පොලෙහි සේවයේ යොදවා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ ගල්කිස්ස පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ බවයි වාර්තා වුණේ.

ඊයේ දිනයේදී අධිකරණයේ ආරක්ෂාවට සහ පැමිණෙන පිරිස පරීක්ෂාවට කාන්තා පොලිස් නිලධාරිනියක ඇතුළු පොලිසියේ තිදෙනෙකු යොදවා තිබූ බව සඳහන්.

කෙසේ වෙතත් අධිකරණයේ විත්ති කූඩුවේ සිටි පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් ඊයේ පස්වරුවේ වෙඩි තැබීමක් සිදුකර පුද්ගලයෙකු පලාගොස් තිබුණා. එම වෙඩි තැබීමෙන් කිසිවකුටත් හානියක් සිදු වූයේ නැහැ.