ගෝඨාභය රාජපක්ෂ ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.
ඒ අනුව ඔහු ලබන බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.
සිංගප්පූරුවේ වීසා කාලය අවසන් වූ පසු ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවත් ඒ සඳහා සියලු කටයුතු රජය සූදානම් කර ඇති බවටත් තොරතුරු වාර්තා වෙයි.
ගෝඨාභය රාජපක්ෂ නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බව රජයේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන දැනටමත් පවසා තිබීම විශේෂත්වයකි.