31.7 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදරුවෙකු පැහැරගෙන ගිය අයෙක් දුම්රියේදී කොටු

දරුවෙකු පැහැරගෙන ගිය අයෙක් දුම්රියේදී කොටු

නව හැවිරිදි පිරිමි දරුවෙකු රවටාගෙන කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ දුම්රියකින් රැගෙන යමින් සිටි පුද්ගලයකු මගීන් විසින් අල්ලා පොලීසියට භාර දී තිබෙනවා.

ඊයේ (04) රාත්‍රී 8.00 කොළඹ කොටුවෙන් අවිස්සාවේල්ල බලා ගමන්ගත් දුම්රියට සැකකරු විසින් අදාල දරුවා නංවාගෙන ඇති බවයි අනවරණය වී ඇත්තේ.

මොවුන් දෙදෙනාගේ හැසිරීම සම්බන්ධයෙන් සැක සිතූ මගීන්, දරුවාගෙන් ප්‍රශ්න කිරීමේ දී සැකකරු දුම්රියෙන් පැන පළායාමට උත්සාහ ගෙන ඇති බවයි වාර්තා වන්නේ. පසුව නුගේගොඩ දුම්රිය ස්ථානයේදී සැකකරු අල්ලා, මහරගම දුම්රිය ස්ථානයට පැමිණ සිටි පොලිස් නිලධාරීන්ට සැකකරු සහ දරුවා භාරදීමට කටයුතු කර තිබෙනවා.

අදාල දරුවා මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මීට දින කිහිපයකට පෙර නිවසින් අතුරුදන්ව සිටි බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. සැකකරුගෙන් වැඩිදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූයේ ඔහු දින දෙකක පමණ කාලයක් මෙම දරුවා රැගෙන දිවයිනේ විවිධ ස්ථානවලට ගමන් කර ඇති බවයි.