31.1 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපති හා සජිත් අතර හමුවක් අද

ජනපති හා සජිත් අතර හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමඟි ජන බලවේගය අතර සාකච්ඡාවක් අද (05) පැවැත්වීමට නියමිතය.

අද (05) පස්වරු 3.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය.

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සහ ඊට අදාළ යෝජනා පිළිබඳව එකඟත්වයකට පැමිණීම මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබේ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම් සමඟද ඊයේ (04) ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ බාධා කිරීමකින් තොරව සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා සියලු දේශපාලන පක්ෂ සිය සහාය ලබාදිය යුතු බවයි.