26.1 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගෝඨාභය පැනලා ගියේ නැහැ.. එයා ගියේ වෛද්‍ය පරීක්ෂණයකට

ගෝඨාභය පැනලා ගියේ නැහැ.. එයා ගියේ වෛද්‍ය පරීක්ෂණයකට

ගෝඨාභය රාජපක්ෂ යළි ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය තමාට ස්ථිර වශයෙන් තවමත් දැනුම් දී නොමැති බව මහින්ද රාජපක්ෂ පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී මාධ්‍ය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ,

ප්‍රශ්නය – ගෝඨාභය මහත්මයා රටින් පැනලා ගියේ ඇයි?
පිළිතුර – එයා පැනලා ගියා කියලා චෝදනා නගන්නේ කවුද?

ප්‍රශ්නය – ජනතාව
පිළිතුර – ඕනෑ කෙනෙකුට ඕනෑ විදිහකට කියන්න පුළුවන්. ඒවා ඔක්කෝම නිර්මාණය කරපු කතා. එයා ගියේ වෛද්‍යවරයා ලවා පරීක්ෂා කරගන්න. (චෙකප් එකකට) එයා ගියේ මටත් කියලයි.