31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසර්ව පාක්ෂික ආණ්ඩුව ගැන ඉදිරිපත් වූ යෝජනා අද එළිදකියි

සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන ඉදිරිපත් වූ යෝජනා අද එළිදකියි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් දේශපාලන පක්ෂ සමඟ සිදුකළ සාකච්ඡාවලදී එම පක්ෂ ඉදිරිපත් කළ යෝජනා අද (08) දිනයේදී ඊට සහභාගී වූ සියලු පක්ෂවලට පොදුවේ ලබාදීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනා දේශපාලන පක්ෂ වෙත ලබාදීමට නියමිත බව සඳහන්ය. සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල සහයෝගය ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා පසුගියදා විවෘත ආරාධනයක් කළේය.

ඊට සාධනීය ප්‍රතිචාරය දැක්වූ පර්ලිමේන්තුව නියෝජන කරන ඇතැම් දේශපාලන පක්ෂ සර්ව පාක්ෂික වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට එක් විය.

මේ අතර තවත් දේශපාලන පක්ෂ කිහිපයක් අතර මෙම සතියේදීද සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා විය.