― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsජොන්ස්ටන් ඇතුළු 03කට විදෙස් ගමන් තහනම්

ජොන්ස්ටන් ඇතුළු 03කට විදෙස් ගමන් තහනම්

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙක්ට එරෙහිව අද (09) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දී තිබේ.

ඒ 2013 වසරේ සතොස ආයතනයේ සේවකයන් සිය නිල රාජකාරිවලින් ඉවත් කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට රුපියල් එකොලොස් ලක්ෂයකට අධික පාඩුවක් සිදු කළේ යැයි පවසමින්.

රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත විත්තිකරුවන් මුදාහැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළේය.