26.1 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව පත් කෙරේ

පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව පත් කෙරේ

පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද (09) පත් කරනු ලැබීය.

කතානායකවරයාගේ සභාපතිත්වයෙන් යුතු මෙම තේරීම් කාරක සභාවේ සාමාජිකයන් ලෙස සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංග, නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්ද, ලක්ෂ්මන් කිරිඇල්ල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, ගාමිණි ලොකුගේ, විජිත හේරත්, සෙල්වම් අඩෙයිකලනාදන් සහ සාගර කාරියවසම් යන මන්ත්‍රීවරු පත් කර තිබේ.

පාර්ලිමේන්තුවේ සියලු කමිටු පත් කිරීමට ප්‍රධාන සාධකය වන්නේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවයි.