― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalරාජ්‍ය ආයතන 40ක් පෞද්ගලීකරණය කරන්නැයි IMF කියල නැහැ

රාජ්‍ය ආයතන 40ක් පෞද්ගලීකරණය කරන්නැයි IMF කියල නැහැ

මෙරට රාජ්‍ය ආයතන 40ක් පෞද්ගලීකරණය කරන ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඉල්ලීමක් කර ඇතැයි යනුවෙන් පළවන වාර්තාවල සත්‍යතාවක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායන් 40ක් පෞද්ගලීකරණය කරන ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඉල්ලීමක් කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කරන ලද ප්‍රකාශයකට මේ වන විට ජනමාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් ලැබී ඇත.