31.7 C
Colombo
Sunday, March 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලාෆ් ගෑස් මිලත් ඉදිරියේදී අඩු වෙයිද?

ලාෆ් ගෑස් මිලත් ඉදිරියේදී අඩු වෙයිද?

ලාෆ් ගෑස් සමාගම විසින් ඉදිරියේදී මිල අඩුකිරීමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව දැනගන්නට ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (09) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වේමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

ඒ පිළිබඳව කටයුතු කළ යුත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියයි. මම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාර වෙළඳ විශය භාර අමාත්‍යතුමාට දැනුම් දෙනවා. ලාෆ් ගෑස්වල මිල සහ ඒ බෙදාහැරීමේ ක්‍රමවේද පිළිබඳ යම් යම් පාරිභෝගික පැමිණිලි තියෙනවානම් ඒ පිළිබඳ සොයාබලා ඒකමතික ක්‍රමයකට එන්න පුළුවන්ද කියලා බලන්න කියලා.