31.1 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොරියක් පෙරලී සිසුන් 10ක් රෝහලට

ලොරියක් පෙරලී සිසුන් 10ක් රෝහලට

බිබිල, දොඩන්ගොල්ල ප්‍රදේශයේදී පාසල් සිසුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අද (09) උදෑසන මාර්ගය හරහා පෙරලී යෑමෙන් එහි ගමන් ගත් සිසුන් දස දෙනෙකු තුවාල ලබා සිටියදී රෝහල්ගත කළ බව පොලිසිය පවසනවා.

බිබිල මූලික රෝහලට ඇතුළත් කළ අවුරුදු 15-16 වයස්වල සිසුන් 10 දෙනාගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බව පොලිසිය පැවසුවේ. සිසුන් 14 දෙනෙකු ලොරියට නංවාගෙන බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ පැවැත්වෙන ක්‍රීඩා උත්සවයකට රුගෙන එමින් සිටියදි අනතුර සිදුව තිබේන බවත් අනතුර සිදුවන අවස්ථාවේදි ප්‍රදේශවාසීන් තුවාලකරුවන් රෝහල වෙත රුගෙන ගොස් ඇත.

අනතුරින් ලොරි රථයේ රියදුරා සුළු තුවාල ලබා රෝහල් ගතව සිටින අතර බිබිල පොලිසියේ රථවාහන අංශයේ නිළධාරීන් පරීක්ෂණ පවත්වනු ලබනවා.