26.7 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගාලු මුවදොරින් අරගලකරුවන් සම්පූර්ණයෙන් ඉවත් වෙති

ගාලු මුවදොරින් අරගලකරුවන් සම්පූර්ණයෙන් ඉවත් වෙති

ගාලු මුවදොර අරගල භූමියෙන් අද (10) ඉවත් වන බව අරගලකරුවන් දැනුම් දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට සිය තනතුරෙන් ඉල්ලා අස්වෙන ලෙසට බල කරමින් පසුගිය අප්‍රේල් මස 03 වැනිදා අරගලය ආරම්භ විය. මෙම අරගලය හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු ප්‍රබල පාර්ශ්වයන් සිය ධුරයන්ගෙන් නීත්‍යානුකූලව ඉවත් වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද සිය ධුරයෙන් පසුගිය ජුලි 14 වැනිදා තනතුරෙන් ඉල්ලා අස්විය.

පසුව නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්වීමත් සමඟ ගෝල්ෆේස් අරගල භූමියෙන් ඉවත් වීමට කටයුතු කළ යුතු බව පොලිසිය නිවේදනය කළේය. ඒ අනුව අද දිනයේදී නිල වශයෙන් හා සම්පුර්ණයෙන්ම ගාලු මුවදොරින් තමන් ඉවත්වන බවට අරගලකරුවන් දැනුම් දුන්නේය.