32.2 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුරෝපා සංගමයේ තානාපතිවරුන් ජනපති හමුවෙයි

යුරෝපා සංගමයේ තානාපතිවරුන් ජනපති හමුවෙයි

යු‍රෝපා සංගමයට අයත් රටවල තනාපතිවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී ඇති බව වාර්තා වෙයි.

ඊයේ (10) මෙම හමුව සිදුව ඇති අතර එහිදී ඔවුන් GSP+, IMF සහ මානව හිමිකම් කවුන්සිලය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙසට රනිල් වික්‍රමසිංහට දැනුම් දී තිබේ.

මානව හිමිකම්, නිදහසේ අදහස් පළ කිරීමේ අයිතිය, සිවිල් අයිතිවාසිකම් ඇතුළු කරුණු සුරැකිය යුතු බව ඔවුන් මෙම හමුවේදී වැඩිදුරටත් අවධාරණය කර ඇත. මේ සම්බන්ධයෙන් රජය ස්ථිර වශයෙන් යම් පියවර ගනු ලබනු ඇතැයි බලාපොරොත්තු වන බව ඔවුන් එහිදී ප්‍රකාශ කළේය.

රට මුහුණ දෙන අභියෝගාත්මක කාලයේදී යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට සහය ලබා දෙන බව යුරෝපා සංගමයේ තානාපතිවරුන් ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබේ.