26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජීවන්ත පීරිස් පියතුමන්ට ඇප

ජීවන්ත පීරිස් පියතුමන්ට ඇප

අද (12) පෙරවරුවේ නීතිඥවරුන්ගේ මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ ජීවන්ත පීරිස් පියතුමන් හට අධිකරණයෙන් ඇප නියම වී තිබෙනවා.

අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර තිබූ විරෝධතා ව්‍යාපාරයකට සම්බන්ධ වීමට එරෙහිව ජීවන්ත පීරිස් පියතුමන්ට චෝදනා එල්ල වී තිබුණා.

පියතුමන් අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ සැකකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

එහිදී එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජීවන්ත පීරිස් පියතුමා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට නියෝග කළා. මේ අතර පියතුමන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට අධිකරණය නියෝග කළ අතර හෙට දින පොලීසිය වෙත ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසටද නියෝග කළා.

පැමිණිල්ල නැවත කැඳවීම ලබන 26 වනදා සිදු කිරීමට නියමිතයි.