30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරාජපක්ෂවරු යළි නැගිටිනවා - රෝහිත අබේගුණවර්ධන

රාජපක්ෂවරු යළි නැගිටිනවා – රෝහිත අබේගුණවර්ධන

රාජපක්ෂවරු යළි නැගිටින බවත් අපි එදත්, අදත්, හෙටත් රාජපක්ෂවරු සමඟ සිටින බවත් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (12) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

දැන් කියනවා හැම වෙලේම රනිල් රාජපක්ෂ ආණ්ඩුව. දැන් රාජපක්ෂවරු, මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී. බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවෙන් එළියට ගියා. ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමා රටෙන් එළියට ගියා. නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී.

මේක මාර භීතිකාවක්නේ, රාජපක්ෂවරු! රාජපක්ෂවරු! රෑ 2ට 3ට නැගිටලත් රාජපක්ෂවරුන්ට හීනෙන් බය වෙනවා ඇති. ඔංචිල්ලාව ඒ පැත්තට ගියොත් මේ පැත්තට එනවා. අපි එදත් රාජපක්ෂවරුත් එක්ක, අදත් රාජපක්ෂවරුත් එක්ක, අපි හෙටත් රාජපක්ෂවරුත් එක්ක. දිනයක් නෑ, වකවානුවක් නෑ, නැවත නැගිටිනවා කියන එක අනිවාර්යයෙන්ම මතක් කරනවා.”