26.7 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිදුලිබල මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට පොළියක්

විදුලිබල මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට පොළියක්

විදුලිය ලබාගැනීම සඳහා පාරිභෝගිකයා විසින් තැන්පත් කරන ලද මුදලට පොලී මුදලක් ගෙවන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

ඒ, අනුව එම ගෙවීම් ලබන ඔක්තෝම්බර් පළමුවනදා සිට ක්‍රියාත්මක කරන ලෙසටද එම කොමිසම විදුලිබල මණ්ඩලයට දැනුම්දී ඇති බවයි වාර්තා වුණේ.

මේ වනවිට රටේ පවතින පොලී අනුපාතය මත මෙම මුදල්වලට ගෙවිය හැකි පොලිය තීරණය කරගන්නා ලෙසත්, විදුලි බිලෙන් මෙම පොලී මුදල් අඩුකරන ලෙසටත් දන්වා තිබෙනවා.

පසුගියදා සිදුකළ විදුලි බිල සංශෝධනයත් සමඟ ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 800ක ආදායමක් අපේක්ෂා කර තිබුණා.