31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

සහල්, පරිප්පු ඇතුළු ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තොග මිල පහළ ගොස් තිබේ.

ඒ අනුව අල, පරිප්පු, සීනි, මිරිස්, ළූණු ආදී ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තොග මිල ගණන් අද (15) දිනයේත් පහළ අගයක පවතින බව පිටකොටුව තොග වෙළෙඳුන් පවසයි.

ආනයනික පරිප්පු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 430 – 450 අගයකත් ආනයනික වියළි මිරිස් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 1350ත් 1500ත් අතර අගයකත් පවතී.

පොන්නි සම්බා, සුදු කැකුළු, රතු කැකුළු ආදී ආනයනික සහල්වල තොග මිල රුපියල් 170 – 190 යන අගයකත්, ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 160 – 165 අතර අගයකත්, ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 140 – 150 අතර අගයකත් පවතී.

කෙසේවෙතත් පිටකොටුව සිල්ලර වෙළෙඳ සංකීර්ණයේ අල, ළූණු සහ එළවළුවල සිල්ලර මිල ගණන් ඉහළ අගයක පවතින අතර ඊට හේතුව ලෙස වෙළෙඳුන් පෙන්වා දෙන්නේ ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන අපහසුතා නිසා භාණ්ඩ මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි.