22.8 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝප් හා කෝපා කමිටුවේ සභාපති පුටු සජබයට

කෝප් හා කෝපා කමිටුවේ සභාපති පුටු සජබයට

09 වන පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධුර සමගි ජන බලවේගයට ලබාදීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව කෝප් කමිටු සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නද, කෝපා කමිටුවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ද පත් කිරීමට නියමිව ඇති බව සඳහන්.

මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාගේ නම් මේ වනවිටත් කථානායකවරයා වෙත යොමුකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ. පාර්ලිමේන්තුවේ සියලු කමිටුවල සභාපති ධුර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී කථානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළා.

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් කටයුතු කළ අතර රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ කටයුතු කළා.