31.7 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට සිට වී මිලදී ගැනීම ඇරඹේ

හෙට සිට වී මිලදී ගැනීම ඇරඹේ

හෙට (17) සිට වී අලෙවි මණ්ඩලය හරහා ගොවීන්ගේ වී මිලදී ගැනීම ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120කටත් සම්බා වී කිලෝවක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් ලබා ගැනීමට වී අලෙවි මණ්ඩලය කටයුතු කර තිබේ.

අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ ඇතැම් වී මෝල් හිමියන් දැනටමත් රුපියල් සීයට අඩුවෙන් ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සිදුකරන බැවින් අඩු මිලට වී මෝල් හිමියන්ට වී ලබා නොදෙන ලෙසයි.

මහ කන්නය සඳහා පොහොර නිකුත් කිරීම ඊයේ (15) ආරම්භ කළ අතර ලබන සතිය වනවිට තවත් පොහොර තොගයක් මෙරටට පැමිණීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.