යුවාන් වැංග් 5 චීන පර්යේෂණ නෞකාවෙන් කිසිදු රටක ආරක්ෂාවට තර්ජනයක් නොමැති බවත් ඊට තුන්වැනි පාර්ශ්වයකින් බාධා නොකළ යුතු බවත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්රවෘත්ති අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා පවසයි.
හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (17) බීජිං නුවර පැවති මාධ්‍ය හමුවකදීය.
යුවාන් වැන්ග් 5 චීන නෞකාව ඊයේ (16) හම්බන්තොට වරායට සේන්දු වූ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“චීනය සහ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික අසල්වැසි මිතුරන්. රටවල් දෙකම අවබෝධාත්මකව දෙපාර්ශ්වයටම ප්‍රතිඵලදායක විවිධ ක්ෂේත්රයන්හි මිත්‍රත්ව සහයෝගීතාවයක් උදෙසා කැපවී සිටිනවා. ඒ වගේම වසර ගණනාවක් පුරා චීනය හා ශ්‍රී ලංකාව සමුද්‍ර විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්රයේ සමීප සහයෝගීතාවක් පවත්වාගෙන යනු ලබනවා. ශ්‍රී ලංකා පාර්ශවය සමග දේශපාලනමය අවබෝධාත්මක විශ්වාසය තහවුරු කිරීමටත්, දෙපාර්ශ්වයටම ප්‍රතිඵලදායක, ශක්තිමත් ස්ථාවර සහයෝගීතාවක් වැඩිදියුණු කිරීමටත් චීනය අපේක්ෂා කරනවා.
මම නැවත අවධාරණය කිරීමට කැමතියි යුඅන් යුවාන් වැංග් 5 ජාත්‍යන්තර නීතියට හා භාවිතයන්ට අනුකූලව ක්‍රියාත්මක වන අතර එහි සමුද්‍ර විද්‍යාත්මක පර්යේෂණ ක්‍රියාකාරකම්වලින් කිසිදු රටක ආරක්ෂක සහ ආර්ථික අභිලාෂයන්ට බලපෑමක් ඇති නොකරන බව. එමෙන්ම, ඊට කිසිදු තුන්වන පාර්ශවයක් බාධාවන් ද නොකළ යුතුයි.“