28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews24 වැනිදා ගෝඨාභයගේ පැමිණීම අවිනිශ්චිතයි

24 වැනිදා ගෝඨාභයගේ පැමිණීම අවිනිශ්චිතයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණෙන දිනය මෙතෙක් තහවුරු කර නොමැති බව ඔහුගේ පෞද්ගලික ලේකම් සුගේෂ් බණ්ඩාර පවසනවා.

ලබන 24 වැනිදා හිටපු ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙන බව රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංග ප්‍රකාශ කළා. ඒ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමකදී.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී සුගේෂ් බණ්ඩාර පැවසුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට පැමිණෙන දිනය මෙතෙක් තහවුරු කර නැති බවයි.

ඉකුත් 09 වැනිදා පැවැති නොසන්සුන්තාවයෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා සිංගප්පුරුව බලා පිටත්ව ගියා. ඉන් අනතුරුව ඔහු තායිලන්තය බලා පිටත්ව ගිය අතර ජනාධිපතිවරයා මේ වනවිටත් තායිලන්තයේ රැඳී සිටිනවා.