27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalගෝල්ෆේස් භූමියට වුණු හානිය අරගලකරුවන්ගෙන් අයකර ගන්නවා

ගෝල්ෆේස් භූමියට වුණු හානිය අරගලකරුවන්ගෙන් අයකර ගන්නවා

ගෝල්ෆේස් පිටියේ පැවති අරගලය හේතුවෙන් එම භූමියට සිදුව ඇති හානිය සඳහා අරගලකරුවන්ගෙන් වන්දි අයකර ගැනීමටත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටත් පියවර ගන්නා බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙම භූමියෙන් අරගලකරුවන්ව ඉවත් කරනු ලැබුවේ රටේ පවතින නීතියට අනුව බවත් කිසිවෙකුට රාජ්‍ය දේපළ බලහත්කාරයෙන් අයිති කරගැනීමට නොහැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

අරගල භූමියට අයිතිවාසිකම් ඇති බව පවසමින් අරගලකරුවන් පිරිසක් විසින් නඩු පැවරීමට කටයුතු කර ඇති බවත් ඒ අනුව එම භූමියට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් ඔවුන්ගෙන් වන්දි අයකර ගැනීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

එසේ වන්දි අයකර නොගන්නේ නම් පසුකාලීනව අමාත්‍යාංශ නිලධාරීන්ට ගැටලුවලට මුහුණ දීමට සිදුවන බවත් එවැනි අර්බුදයකට තම නිලධාරීන් පත්කිරීමට තමන් කිසිසේත් කටයුතු නොකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.