28.4 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalලබන සතියේදී නව අමාත්‍ය මණ්ඩලයක්?

ලබන සතියේදී නව අමාත්‍ය මණ්ඩලයක්?

ලබන සතියේදී නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

දැනට පත් කර ඇති තාවකාලික කැබිනට් මණ්ඩලය වෙනුවට මෙම පත්කිරීම සිදු කිරීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර ඇති නමුත් සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට තවමත් පැමිණ නොමැත.

එම නිසා සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් යටතේ නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි.

මෙම කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කැබිනට් අමාත්‍යධුර හිමිවිය යුතු ලැයිස්තුවට වෛද්‍ය රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සී.බී රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම් චන්ද්‍රසේන, නාමල් රාජපක්ෂ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, සනත් නිශාන්ත, කංචන විජේසේකර යන අයගේ නම් ඇතුළත් කර තිබේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන්, ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.එම් අතාවුල්ලා යන අයටද අමාත්‍යධුර හිමිවීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම නව කැබිනට් මණ්ඩලය 30කගෙන් සමන්විත වනු ඇතෑයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.