― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගල් අඟුරු නොගෙනාවොත් පැය 10ක විදුලි කප්පාදුවක්

ගල් අඟුරු නොගෙනාවොත් පැය 10ක විදුලි කප්පාදුවක්

සැප්තැම්බර් මස අග වනවිට ගල් අඟුරු මිලියන ටොන් දෙකහමාරක් ගෙන්වීමට කටයුතු නොකළ හොත් පැය 10ක පමණ විදුලි කප්පාදුවකට මුහුණදීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (18) කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය.

නොරොච්චෝලේ බලාගාරයේ දැන් තියෙන්නේ තාක්ෂණික බිඳවැටීමක් කියලා ඒගොල්ලෝ කියනවා. ඇත්තට නොරොච්චෝලේ බලාගාරය එක යන්ත්‍රයක් වාර්ෂික නඩත්තු කිරීමට වසා දාන තත්වෙක තමයි තිබුනේ. ඒකෙන් කොයිකද කියලා මම දන්නෑ හරියට ඔය දැන් කරගෙන යන්නේ. කෙසේ නමුත් සැප්තැම්බර් මස අග ඉඳන් ගල් අඟුරු මිලියන ටොන් දෙකහමාරක්, ලක්ෂ විසිපහක් ගෙන්නා ගන්න කටයුතු කළේ නැත්නම් විධිමත් ආකාරයකට අපිට පැය තුන නෙමෙයි පැය දහයක විතර විදුලි කප්පාදුවකට මුහුණ දෙන්න වෙනවා.

ඒ වගේම කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙනවා දෙදාස් විසිපහ වෙනකම් ගල් අඟුරු ගෙන්නන්න. මේ මාස කිහිපයකටවත් ගල් අඟුරු ගෙන්න ගන්න ඩොලර් නෑ කිය කිය දෙදාස් විසිපහ වෙනකල් ගල් අඟුරු එක පාරට ගෙන්නන්න හදන්නේ මොන පදනමක් මතද? මොන ක්‍රියාවලියක් මතද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකට හා රටේ ආර්ථික තත්වයට, ඒ වගේම ඩොලර් සංචිතවලට ඔරොත්තු දෙන ආකාරයට, ගල් අඟුරු ප්‍රසම්පාදන නොකළ නිසා දැන් අර්බුදයට ගිහින් තියෙනවා. ඒක ඉදිරියටත් මේ අවිධිමත් ආකාරයට කලොත් ඉතාම භයානක ප්‍රතිඵල වලට මුහුණ දෙන්න වෙයි. මොකද ගල් අඟුරු බලාගාරය නොතිබුනොත් පැය දහයක පමණ විදුලි කප්පාදුවකට මුහුණ දෙන්න වෙන නිසා