32 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalඩලස්ට කලකිරෙයි - අගමැතිට ඩලස්ගෙන් ලිපියක්

ඩලස්ට කලකිරෙයි – අගමැතිට ඩලස්ගෙන් ලිපියක්

නව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමෙන් අනතුරුව මෙහෙයුම් කමිටු සඳහා මන්ත්‍රීවරුන් පත් කිරීමේ දී ජූලි 20 වැනි දින පැවති ජනාධිපතිවරණයේ දී, තමාට සහාය දුන් මන්ත්‍රීවරුන් නැවත පත් නොකිරීමට ආණ්ඩුව උනන්දුවෙන්ම කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සඳහන් කරනවා.

මන්ත්‍රීවරයා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත යැවූ ලිපියක මේ බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව එම පිරිස අශිෂ්ඨ ලෙස දේශපාලන දණ්ඩනයන්ට ගොඳුරු වී ඇති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

ඔවුන් සියලු දෙනා රජයේ වංචනික මෙන්ම අනීතික කටයුතු හෙළිදරව් කිරීම සඳහා කොන්දේසි විරහිතව කැප වූ අය බවයි ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා යොමුකළ ලිපියේ වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

ඒ, අනුව එම පිරිසට සිදුවන අසාධාරණය තමන් පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි ඔහු පවසන්නේ

අග්‍රාමාත්‍යවරයා වෙත යොමුකළ ලිපිය පහතින්..