29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාමල්ට ඇමැති ධුර දෙන්න එපා

නාමල්ට ඇමැති ධුර දෙන්න එපා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ඉදිරියේ පිහිටුවන සර්ව පාක්ෂික ආණ්ඩුවක කිසිදු අමාත්‍ය තනතුරක් ලබා නොදෙන ලෙස බ්ලැක් කැප් සංවිධානය සඳහන් කර සිටිනවා.

ජන අරගලයේ ප්‍රධාන ඉලක්කය රාජපක්‍ෂවාදයෙන් තොර නව පාලන තන්ත්‍රයක් නිර්මාණය කර ගැනීම යැයි බ්ලැක් කැප් මාධ්‍ය ප්‍රකාශක බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ.

එහි මෙසේ ද සඳහන් වේ.

අරගලයෙන් ජනතාව බලාපොරොත්තු වූයේ පැරණි පොහොට්ටු ආණ්ඩුවම නැවත සළුපිලි අන්දවා කරලියට ගැනීමට නොවේ. රාජපක්‍ෂවාදයේ පසුගාමීත්වයෙන් තොර රටකි. නමුත් පසුගියදා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ඉහළ පෙළේ නිලධාරියකු පත් කිරීම සඳහා ද පරිසර අමාත්‍යවරයා වෙත ලිපි දෙකක් මාර්ගයෙන් බලපෑම් කර තිබෙනු අපට නිරීක්‍ෂණය විය.

ශ්‍රී ලංකාවේ අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ගොඩනගන සර්ව පාක්ෂික ආණ්ඩුව රාජපක්‍ෂවරුන්ගේ දේශපාලන සූදුවක් බවට පත්කිරීමට ඉඩ නොදෙන ලෙස සියලු දේශපාලන කණ්ඩායම් වෙතින් අප ඉතා බැරෑරුම්ව ඉල්ලා සිටිමු.