29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබිත්තරවලට පාලන මිලක්

බිත්තරවලට පාලන මිලක්

බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ඊයේ (19) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.

ඒ, අනුව සුදු බිත්තරයක් රුපියල් 43ක් සහ රතු බිත්තරයක් රුපියල් 45ක උපරිම සිල්ලර මිලක් නියම කරමිනුයි රජය විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

මේ අතර සඳුදා සිට බිත්තරයක මිල රුපියල් පහකින් අඩුකරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඊයේ (19) පැවසුවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් ඔවුන් මේ බව සඳහන් කළා.

ඒ, අනුව ඔවුන් සඳහන් කළේ සුදු බිත්තරයක් රුපියල් 55.00 කටත් රතු බිත්තරයක් රුපියල් 56.00ක් වැනි මුදලකටත් සඳුදා සිට පාරිභෝගිකයින් වෙත ලබා දෙන බවයි.

මේ අතර බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය සඳුදා සිට බිත්තරයක් ලබාදීමට බලාපොරොත්තු මිල වඩා, ඊයේ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කළ පාලන මිල අඩු අගයක් ගැනීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත් මේ වන විට වෙළඳපොළේ බිත්තරයක් රුපියල් 60.00ත් 65.00ත් අතර අගයක් ගනු ලබනවා.